1. ලක්ෂය
අර්ථ දැක්වීම:- රේඛාවක යාබද පෙදෙස් දෙකක් වෙන්කෙරෙන මායිම ලක්ෂ්‍යකි.
◌ ලක්ෂ්‍යයකට පිහිටිමක් ඇත. විශාලත්වයක් නැත. 
2. රේඛාව
අර්ථ දැක්වීම:- පෘෂ්ඨයක් කොටස් දෙකකට වෙන් කෙරෙන මායිම රේඛාවකි.
◌  රේඛාවකට දිගක් ඇත. පළලක් නැත.
◌ සරල රේඛා හා වක්‍ර රේඛා යනුවෙන් රේඛා දෙවැදෑරුම් වේ.
› තල පෘෂ්ඨ දෙකක් හමුවීමෙන් සරල රේඛවක් ද, තල පෘෂ්ඨයක් හා වක්‍ර පෘෂ්ඨයක් හමුවීමෙන් වක්‍ර රේඛාවක් ද සෑදේ
3. සරල රේඛාව
› ඡ්‍යාමිතික සංකල්ප ගතික හා ස්ථිතික වශයෙන් ආකාර දෙකකින් විස්තර කළ හැකිය.
සරල රේඛාවක්  
◌ ගතික ලෙස නියත දිශාවක් ඔස්සේ ලක්ෂ්‍යයක් ගමන් මග ලෙසත්
◌ ස්තිතික සංකල්ප ඇසුරින් එකම දිශාවක් ඔස්සේ පිහිටන ලක්ෂය සමූහයක් ලෙස හෝ ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ විහිදෙනලක්ෂය සමූහයක් ලෙස හෝ හැදින්විය හැක.
  
4. පෘෂ්ඨය 
අර්ථ දැක්වීම:- අවකාශයේ යාබද පෙදෙස් දෙකක් වෙන් කෙරෙන මායිම පෘෂ්ඨයකි.
◌ පෘෂ්ඨයට වර්ගඵලයක් ඇත, ඝනකමක් නැත යනුවෙන් විස්තර කළ හැක.
◌ පෘෂ්ඨයක් ද්විමාන වන අතර ඝන වස්තුවක් ත්‍රිමාණ වේ.
◌ පෘෂ්ඨ වර්ග දෙකකට වෙන් කළ හැක.
           ¤ තල පෘෂ්ඨ                        ¤ වක්‍ර පෘෂ්ඨ   
› ඝනකයක සියලු පෘෂ්ඨ තල පෘෂ්ඨ වන අතර ගෝලයක සියලු පෘෂ්ඨ වක්‍ර පෘෂ්ථ වේ.
  
5. තලය 
අර්ථ දැක්වීම:- යම් පෘෂ්ඨයක ඕනෑම ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාව සම්පූර්ණයෙන්ම එම පෘෂ්ඨය මත පිහිටයි නම් එම පෘෂ්ඨය තලයකි.
◌ තලය යනු ලක්ෂ්‍ය සමූහයකි. එම ලක්ෂ්‍ය සීමා රහිතව අදාල පෘෂ්ඨය ඔස්සේ විහිදේ.
◌ තලයකට තල පෘෂ්ඨයක් යැයි කියනු ලැබේ.
◌ තල ඡ්‍යාමිතියේ දී සලකා බලන ප්‍රස්තූත වලට අයත් ලක්ෂ්‍ය හා රේඛා එකම තලයක් පිහිටා ඇතැයි සැලකේ.
   
6. බහුඅස්‍රය
අර්ථ දැක්වීම:- සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ වැඩි ගණනකින් වටවූ සංවෘත තල රූපය බහුඅස්‍රරය ලෙස හැදින්වේ.
   
7. ත්‍රිකෝණය
අර්ථ දැක්වීම:- සරල රේඛා ඛණ්ඩ තුනකින් වටවූ සංවෘත තල රූපය ත්‍රිකෝණය ලෙස හැදින්වේ.
8. චතුරස්‍රය
අර්ථ දැක්වීම:- සරල රේඛා ඛණ්ඩ හතරකින් වටවූ සංවෘත තල රූපය චතුරස්‍රය ලෙස හැදින්වේ.
 › යම් රූපයක් චතුරස්‍රයක් වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා
- සරල රේඛා ඛණ්ඩ හතරක් තිබිය යුතුය.
- ශීර්ෂ හතරම එකම තලයක පිහිටිය යුතුය.
- සංවෘත විය යුතුය.
9. සමචතුරස්‍රය
අර්ථ දැක්වීම:- බද්ධ පාද දෙකක් සමාන ඍජුකෝණාස්‍රය සමචතුරස්‍රය ලෙස හැදින්වේ.
   
10. ඍජුකෝණාස්‍රය 
අර්ථ දැක්වීම:- එක් කෝණයක් ඍජු කෝණයක් වූ සමාන්තරාස්‍රය ඍජුකෝණාස්‍රය ලෙස හැදින්වේ.
      
11. රොම්බසය 
අර්ථ දැක්වීම:- බද්ධ පාද යුගලයක් සමාන වූ සමාන්තරාස්‍රය රොම්බසය ලෙස හැදින්වේ.
    
12. රොම්බාභය 
අර්ථ දැක්වීම:- එක් කෝණයක්  හෝ ඍජුකෝණ නොවන එක්බද්ධ පාද යුගලයක් හෝ සමාන නොවන සමාන්තරාස්‍රය රොම්බාභය ලෙස හැදින්වේ.
        
13. ත්‍රැපිසියම 
අර්ථ දැක්වීම:- එක් සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන වූ සමාන්තරාස්‍රය ත්‍රැපීසියම ලෙස හැදින්වේ. 
   
ආදී වශයෙන් ඡ්‍යාමිතියේ යෙදෙන සෑම පදයක් සඳහා ම අර්ථ දැක්වීමක් දී ඇත.