Sunday, March 4, 2012

ප්‍රමේයය හෝ අනුමේය සාධනය කරන පිළවෙල
1.  දී ඇති දත්ත අනුව පැහැදිලි රූසටහනක් ඇඳ නම් කිරීම හා දත්ත ලකුණු කිරීම.
2.  රූපයට අනුව දී ඇති තොරතුරු ලිවීම. මෙය ˚දත්තය˚ ලෙස හැදින්වේ.
3.   ඔප්පු කළ යුත්ත නම් කරන ලද රූපයට අනුව ලිවීම. ˚මෙය සාධනය කළ යුත්ත˚ ලෙස විධිමත් සාධනයේ දී ලියනු ලැබේ.
4.   සමහර ප්‍රමේය හෝ අනුමේය සාධනය කිරීම සඳහා දත්තයෙන් නො කියවෙන නිර්මාණ අඳ ගැනීමට සිදුවේ.
5.   ප්‍රමේය හෝ අනුමේය අනුව මුලින් දක්වා ඇති ඔප්පු කළ යුත්ත ඔප්පු කරනු ලැබේ.
Ø එහිදි ප්‍රත්‍යක්ෂ, අර්ථ දැක්වීම්, පෙර සාධනය කර ඇති ප්‍රමේයය උපයෝගී කරගනු
Ø එහිදි සඳහන් කරන කරුණු සඳහා හේතු දැක්වීය යුතු ය.
සාධන ක්‍රියාවලිය කෙටියෙන් පහත පරිදි සඳහන් කළ හැක.
දළ සටහනක් ඇඳම.
දී ඇති දත්ත ලකුණු කිරීම.
ප්‍රමේය ඇසුරෙන් අලුත් සම්බන්ධතා හඳුනා ගැනීම
සාධනය සැලසුම් කිරීම.
 සාධනය ලිවිම.
            * දත්තය :-
            * සාධනය කළ යුත්ත :-
            * නිර්මාණය :- (අවශ්‍ය නම් පමතක්)
            * සාධනය :-

3 comments:

  1. සින්ඩි වලට දාන්න මේක

    ReplyDelete
  2. සතූතියි ඔෙබ් ප්‍රතිචාරයට...
    ඒ පිළිබදව විස්තර ඒවන්න.
    මම සින්ඩි පිළිබ ද දැනුවත් බව අඩුයි..

    ReplyDelete
  3. මේක දිගටම කරගෙන යන්න අතහරින්න එපා. ඔබ මේ කරන සේවය මා අගය කරනවා. ස්තුතියි!

    ReplyDelete

ලිපිය පිළිබඳ ඔබේ ගැටලු යොමු කරන්න.