Wednesday, July 13, 2011

අර්ථ දැක්වීම්

1. ලක්ෂය
අර්ථ දැක්වීම‍:- රේඛාවක යාබද පෙදෙස් දෙකක් වෙන්කෙරෙන මායිම ලක්ෂ්‍යකි.
ලක්ෂ්‍යයකට පිහිටිමක් ඇත. විශාලත්වයක් නැත.

2. රේඛාව
අර්ථ දැක්වීම‍:- පෘෂ්ඨයක් කොටස් දෙකකට වෙන් කෙරෙන මායිම රේඛාවකි.
  රේඛාවකට දිගක් ඇත. පළලක් නැත.
සරල රේඛා හා වක්‍ර රේඛා යනුවෙන් රේඛා දෙවැදෑරුම් වේ.
තල පෘෂ්ඨ දෙකක් හමුවීමෙන් සරල රේඛවක් ද, තල පෘෂ්ඨයක් හා වක්‍ර පෘෂ්ඨයක් හමුවීමෙන් වක්‍ර රේඛාවක් ද සෑදේ

3. සරල රේඛාව
ඡ්‍යාමිතික සංකල්ප ගතික හා ස්ථිතික වශයෙන් ආකාර දෙකකින් විස්තර කළ හැකිය.
සරල රේඛාවක් 
ගතික ලෙස නියත දිශාවක් ඔස්සේ ලක්ෂ්‍යයක් ගමන් මග ලෙසත්
ස්තිතික සංකල්ප ඇසුරින් එකම දිශාවක් ඔස්සේ පිහිටන ලක්ෂය සමූහයක් ලෙස හෝ ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ විහිදෙනලක්ෂය සමූහයක් ලෙස හෝ හැදින්විය හැක.
 
4. පෘෂ්ඨය
අර්ථ දැක්වීම‍:- අවකාශයේ යාබද පෙදෙස් දෙකක් වෙන් කෙරෙන මායිම පෘෂ්ඨයකි.
පෘෂ්ඨයට වර්ගඵලයක් ඇත, ඝනකමක් නැත යනුවෙන් විස්තර කළ හැක.
පෘෂ්ඨයක් ද්විමාන වන අතර ඝන වස්තුවක් ත්‍රිමාණ වේ.
පෘෂ්ඨ වර්ග දෙකකට වෙන් කළ හැක.
           ¤ තල පෘෂ්ඨ                        ¤ වක්‍ර පෘෂ්ඨ  
ඝනකයක සියලු පෘෂ්ඨ තල පෘෂ්ඨ වන අතර ගෝලයක සියලු පෘෂ්ඨ වක්‍ර පෘෂ්ථ වේ.
 
5. තලය 
අර්ථ දැක්වීම‍:- යම් පෘෂ්ඨයක ඕනෑම ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාව සම්පූර්ණයෙන්ම එම පෘෂ්ඨය මත පිහිටයි නම් එම පෘෂ්ඨය තලයකි.
◌ තලය යනු ලක්ෂ්‍ය සමූහයකි. එම ලක්ෂ්‍ය සීමා රහිතව අදාල පෘෂ්ඨය ඔස්සේ විහිදේ.
තලයකට තල පෘෂ්ඨයක් යැයි කියනු ලැබේ.
තල ඡ්‍යාමිතියේ දී සලකා බලන ප්‍රස්තූත වලට අයත් ලක්ෂ්‍ය හා රේඛා එකම තලයක් පිහිටා ඇතැයි සැලකේ.
  
6. බහුඅස්‍රය
අර්ථ දැක්වීම‍:- සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ වැඩි ගණනකින් වටවූ සංවෘත තල රූපය බහුඅස්‍රරය ලෙස හැදින්වේ.
  
7. ත්‍රිකෝණය
අර්ථ දැක්වීම‍:- සරල රේඛා ඛණ්ඩ තුනකින් වටවූ සංවෘත තල රූපය ත්‍රිකෝණය ලෙස හැදින්වේ.

8. චතුරස්‍රය
අර්ථ දැක්වීම‍:- සරල රේඛා ඛණ්ඩ හතරකින් වටවූ සංවෘත තල රූපය චතුරස්‍රය ලෙස හැදින්වේ.
  යම් රූපයක් චතුරස්‍රයක් වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා
  • සරල රේඛා ඛණ්ඩ හතරක් තිබිය යුතුය.
  • ශීර්ෂ හතරම එකම තලයක පිහිටිය යුතුය.
  • සංවෘත විය යුතුය.
9. සමචතුරස්‍රය
අර්ථ දැක්වීම‍:- බද්ධ පාද දෙකක් සමාන ඍජුකෝණාස්‍රය සමචතුරස්‍රය ලෙස හැදින්වේ.
  
10. ඍජුකෝණාස්‍රය 
අර්ථ දැක්වීම‍:- එක් කෝණයක් ඍජු කෝණයක් වූ සමාන්තරාස්‍රය ඍජුකෝණාස්‍රය ලෙස හැදින්වේ.
     
11. රොම්බසය
අර්ථ දැක්වීම‍:- බද්ධ පාද යුගලයක් සමාන වූ සමාන්තරාස්‍රය රොම්බසය ලෙස හැදින්වේ.
   
12. රොම්බාභය
අර්ථ දැක්වීම‍:- එක් කෝණයක්  හෝ ඍජුකෝණ නොවන එක්බද්ධ පාද යුගලයක් හෝ සමාන නොවන සමාන්තරාස්‍රය රොම්බාභය ලෙස හැදින්වේ.
       
13. ත්‍රැපිසියම
අර්ථ දැක්වීම‍:- එක් සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන වූ සමාන්තරාස්‍රය ත්‍රැපීසියම ලෙස හැදින්වේ. 
  
ආදී වශයෙන් ඡ්‍යාමිතියේ යෙදෙන සෑම පදයක් සඳහා ම අර්ථ දැක්වීමක් දී ඇත.

7 comments:

  1. ගනන් කියුවොත් මාලා වාගේ තමයි සර්... අපි නම් ආර්ට් කරන කට්ට්යක් වැ ඩේ හොදයි සර් දිගටම කරන්න ...

    ReplyDelete
  2. ලිපිය කියවද්දි ග්‍රික් වගේ හිතුනට හරිම සරල, සමාන්‍ය දේවල් තමයි ගණිතයේ තියෙන්නෙ. ගණිතය හදාරන අයට වැදගත් වෙයි කියල හිතුණු නිසයි අර්ථදැක්වීම් කීපයක් දැම්මෙ. ඉදිරියේ දි සරලව ඡ්‍යාමිතිය ඉගෙන ගමු

    ReplyDelete
    Replies
    1. ත්‍රපීසියමෙ අර්ථ දැක්වීම වැරදි නේද?

      Delete
  3. හොදයි සර් සර් දිගටම කරන්න අපි ෆුල් සපොර්ට් සර්

    ReplyDelete
  4. Keep up the good work. Please continue this blog.

    ReplyDelete
  5. ත්‍රැපිසියම note akak ona sir

    ReplyDelete

ලිපිය පිළිබඳ ඔබේ ගැටලු යොමු කරන්න.