Monday, July 25, 2011

උපග්‍රහණ


උපග්‍රහණ ද ඔප්පු කිරීමකින් තොරව සත්ත්‍යයයි පිළිගන්නා සිද්ධාන්තය.
සත්ත්‍යයයි සම්මත කරගෙන ඇති සිද්ධානත කිහිපයක් පහත දැක්වේ.
  • ඕනෑම ලක්ෂ්‍යක සිට වෙනත් ඕනෑම ලක්ෂ්‍යයකට සරල රේඛාවක් ඇඳිය හැකිය.
  •  සරල රේඛාවක්, කැමති දුරකට සරල රේඛාව එල්ලේ දික්කල හැකිය.
  • දීතිබෙන සරල රේඛා දෙකක් අතරින් කුඩා රේඛාවට සමාන කොටසක්  ලොකු රේඛාවෙන් කපා වෙන් කළ හැකිය.

  • සරල රේඛාවක් සමච්ඡේදනය කළ හැකිය. එනම් සමාන කොටස් දෙකකට වෙන් කළ හැකිය.

  • දී තිබෙන සරල රේඛාවක පිහිටි ඕනෑම ලක්ෂ්‍යයක දී, එම සරල රේඛාවට ලම්භයක් ඇඳිය හැකි ය.

  • දී තිබෙන සරල රේඛාවක පිහිටි ඕනෑම ලක්ෂ්‍යයක දී, දී තිබෙන කෝණයකට සමාන කෝණයක්, දී තිබෙන රේඛාව සමග සැදෙන සේ සරල රේඛාවක් ඇඳිය හැකි ය.

මේ උපග්‍රහණවලට ඇතැම් අවස්ථාවල දී කල්පිත නිර්මාණ යැයි කියනු ලැබේ.
මෙවැනි ඉතා සරල උපග්‍රහණ තවත් බොහෝ ඇත. මේවා නො කිව යුතු තරම් සරල දෑ බව ඔබට වැටහෙනු ඇත.
  මේ අයුරින් අර්ථ දැක්වීම්, සම්මත කර ගෙන ඇති ප්‍රත්‍යක්ෂ සහ උපග්‍රහණ ඡ්‍යාමිතියේ අත්තිවාරමයි.
මේවා පදනම් කර ගෙන ප්‍රස්තූත, නිර්මාණ, ප්‍රමේය, උප ප්‍රමේය , විලෝමය, අනුමේය හඳුන්වා දී ඇත.
ඉහත දැක්වෙන එක් එක් පදය පැහැදිලිව හඳුනා ගැනීම ඡ්‍යාමිතිය ඉගෙනීමේ දී ඉතා වැදගත් වේ.
ඉදිරියේදී මේ පිළිබඳව සරලව වටහා ගනිමු.

2 comments:

  1. ජ්‍යාමිතිය ගණිතයේ මම කැමතිම කොටස වෙලා තිබුණේ. දැන්නම් මෙලෝ දෙයක් මතක නැති වුණාට කියවද්දි ආස හිතෙනවා. ගොඩ ගොඩ නැතිව ටික ටික වැඩේ කරගෙන යමු :D

    ReplyDelete
  2. උපග්‍රහණ කියන්නේ මොනවද කියල හදුන්වන්න තමයි මෙම ලිපියේ උත්සහය. උදාහරණ ගොඩක් දැම්මේ මේවයේ තියෙන සරල කම පෙන්වන්න. උපග්‍රහණ කියන්නේ මේවටනෙ කියල හදුනා ගත්තම ඇති. අපි ගණන් ඉගෙන ගනිද්දි මේවා ගණිතයේ වෙන වෙනම විස්තර කරල තියන බව දැනන් හිටියේ නෑ. ඉදිරියේදී මේවා යෙදෙන විට, මේ තියෙන්නෙ උපග්‍රහණ කියල මතක් වුනොත් ඔබට හොද ගණන් කාරයෙක් වෙන්න පුළුවන් වෙයි. ඔබේ අදහසට ස්තූතියි.

    ReplyDelete

ලිපිය පිළිබඳ ඔබේ ගැටලු යොමු කරන්න.