Saturday, July 30, 2011

ප්‍රස්තූත (Proposition)

කිසියම් ප්‍රකාශයක් ප්‍රස්තූත වශයෙන් හදුන්වනු ලැබේ. "සෑම සත්වයෙකුට ම ආහාර අවශ්‍ය වේ", "සිව්පාවුන්ට පාද සතරක් ඇත" මෙවැනි ප්‍රකාශ ප්‍රස්තූත ලෙස දැක්විය හැක. ඡ්‍යාමිතියේ මෙවැනි ප්‍රස්තූත රාශියක් ඇතත් ඒවා කොටස් දෙකකට වෙන් කළ හැකිය.

      
නිර්මාණ (Construction)
නිර්මාණයක් යනු යම්කිසි විශේෂ රූපයක් ඇදීමට අවශ්‍ය ප්‍රස්තූතයකි.

ප්‍රමේයය (Theorem)
හඳුන්වන ලඳ අර්ථ දැක්වීම්, සම්මත කරන ලඳ ප්‍රත්‍යක්ෂ හා උපග්‍රහණ පදනම් කරගෙන සත්‍ය බව තර්කානුකූලව ඔප්පු කළ හැකි ප්‍රස්තූත ප්‍රමේයය ලෙස හඳුන්වනු ලැබේ.

සෑම ප්‍රමේයයක් ම කොටස් දෙකකට වෙන් කළ හැකිය. පළමු කොටස මේ මේ දේ තිබේ නම් යනුවෙන් කල්පිත දේ දැක්වෙන කොටසයි. එම කොටස කල්පිතය යනුවෙන් හැදින්වේ.දෙවන කොටස ඔප්පු කළ යුතු කොටසයි. එම කොටස නිගමනය ලෙස හැදින්වේ.

උදාහරණ :- 
සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය විමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ.
         
කල්පිතය
නිගමනය
"සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වේ"
ප්‍රතිමුඛ කොණ සමාන වේ

විලෝමය (Converse)
කිසියම් ප්‍රමේයයක කල්පිතය නිගමනය වශයෙන් ද, නිගමනය කල්පිතය වශයෙන්ද ඇති ප්‍රස්තූත මුල් ප්‍රමේයයේ විලෝමය වශයෙන් හදුන්වනු ලැබේ. ඇතැම් ප්‍රමේයය වල විලෝමය සත්‍ය වන අතර ඇතැම් ප්‍රමේම්යය වල විලෝමය සත්‍ය නොවේ.

 උදාහරණ:-
ප්‍රමේයය - ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වේ.
විලෝමය - ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ.
මෙම විලෝමය සැම විටම සත්‍යය වේ.

ප්‍රමේයය - අංගසම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ.
විලෝමය - වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ අංගසම වේ.
මෙම විලෝමය සැම විටම සත්‍යය නොවේ.

සැම අවස්ථාවකට ම සත්‍යය වන විලෝමයන්ද ප්‍රමේයයන් ලෙස දක්වා ඇත.

උප ප්‍රමේයය:-
ප්‍රමේයයක් ඔප්පු කිරීමෙ දී නිතැතින් ම සාධනය වන ප්‍රස්තූත උප ප්‍රමේයය ලෙස හැදින්වේ.

උදාහරණ:-
ප්‍රමේයය - සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පිහිටීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකේ ඓක්‍යය ඍජු කෝණ දෙකකි (1800).

උප ප්‍රමේයය - ලක්ෂ්‍යයක් වටා කෝණ වල ඓක්‍යය ඍජු කෝණ හතරකි (3600).

අනුමේය:-
අර්ථ දැක්වීම්, ප්‍රත්‍යක්ෂ, උපග්‍රහණ, ප්‍රමේයය, උප ප්‍රමේයය භාවිතා කරමින් තර්කානුකූලව ඔප්පු කරන ප්‍රස්තූත අනුමේයයන් ලෙස හැදින්වේ.

2 comments:

ලිපිය පිළිබඳ ඔබේ ගැටලු යොමු කරන්න.