Saturday, July 2, 2011

ඡ්‍යාමිතිය (GEOMETRY)









ඡ්‍යාමිතිය අමාරුම ද?
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තවලට අනුව ඡ්‍යාමිතිය ප්‍රශ්න තෝරාගෙන ඇත්තේ ඉතා අඩු සිසුන් ප්‍රතිශතයක් වන අතර ඔවුන් ද එම කොටස සඳහා පෙන්වා ඇත්තේ අඩු සාධනයකි.
ගුරු හිගය නිසා ගණිතය නොවන පත්වීම් ලබාගත් ගුරුවරුන් ගණිතය ඉගැන්වීම, භාවිතා කරන පොත්පත් වල ප්‍රමාණවත් තරම් ගැටලු නොතිබීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිවැරදි ක්‍රම ශිල්ප භාවිතා නොකිරීම, පද්ධතියේ සිටින බොහෝමයක් ගුරුභවතුන් සරල ඡ්‍යාමිතික කරුණ පමණක් ඇතිව නව විෂය නිර්දේශය හැදෑරූ අය වීම සහ තවත් නොයෙකුත් කරුණු ද මේ තත්වයට හේතු වි ඇත.
මීට පිළියමක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගනු ලබන අනේකවිධ උත්සහයට අත්වැලක් සපයමින්  අ.පො.ස. (සා.පෙළ) සිසුන්ගේ ගණිත දැනුමේ නිම්වලලු පුළුල් කිරීම මාගේ ඒකායන පරමාර්ථය වේ.

8 comments:

  1. ඔබ තුමාගෙ උත්සාහය මම අගය කරනවා....

    මේ වගේ වැඩක් කරන එක ගොඩක් හොඳ දෙයක්....

    ReplyDelete
  2. ඔබේ දිරිගැන්විමට ස්තූකියි.

    ReplyDelete
  3. මේ බ්ලොග් අඩවිය දිගටම ගෙනියන්න. පුලුවන් නම් සාමාන්‍ය පෙළට පමණක්ම සීමා නොවී වෙනත් පැති වලටත් ගෙනියන්න. ස්තූතියි.

    ReplyDelete
  4. වෙනත් පැති කියල අදහස් කරේ, සාමාන්‍ය පෙළ මට්ටමෙන් එහා උසස් පෙළ මට්ටම් වලටත්. :)

    ReplyDelete
  5. ඔබේ අදහස් අගය කරනවා. ස්තූතියි...
    අපේ රටේ දරුවෝ ගොඩ දෙනෙක් අ.පො.ස. (සා.පෙළ) අසමත් වෙනවා. පාසල් පද්ධතියේ නියමුවෝ විදිහට මේ අභාග්යය සම්පන්න අත්දැකීම් ලබන දරුවන්ගේ අනාගතය පිළිබඳ ලොකු කනගාටුවක් දැනෙනවා. ඒකයි මෙම blog එක පටන් ගත්තේ. ඉදිරියේදි ඔබේ ඉල්ලීම අනිවාර්යයෙන් ම සලකා බලනවා.

    ReplyDelete
  6. අතපත්තුSeptember 6, 2013 at 3:56 PM

    නොයෙක් ගැටළු ඉදිරිපත් කරන්න. ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන්න

    ReplyDelete
  7. හොද වැඩක් අපිත් ඔබතුමාට උපරිම සහයෝගය ලබාදෙනවා දිගටම කරගෙන යන්න...ස්තූතියි............

    ReplyDelete
  8. It's a very good work. I appreciate your service.

    ReplyDelete

ලිපිය පිළිබඳ ඔබේ ගැටලු යොමු කරන්න.